තලේබාන් නායකයෝ තිදෙනෙක් නිදහස්



සිරකරු හුවමාරුව යටතේ ඇෆ්ගන් රජය, එරට අත්අඩංගුවේ පසුවුණු තලේබාන් ත්‍රස්ත නායකයන් තිදෙනකු කර ඇති බව පැවැසෙයි.

නිදහස ලැබූ තිදෙනා අතර, තලේබාන් නායක අන්නාස් හක්කානී සිටින බව ද ඇෆ්ගන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මෙම තිදෙනා නිදහස් කෙරුණේ තලේබාන් සංවිධානය විසින් අල්ලා ගත් ඇමෙරිකන් සහ ඕස්ටේ්‍රලියානු වැසියන් දෙදෙනෙකු බේරා ගැනීමට යැයි පැවැසෙයි. මෙම දෙදෙනා තලේබාන්වරුන්ගේ ප්‍රාණ ඇපයේ සිට ඇත.

තලේබාන් රජය අන්නාස් හක්කානී ඇතුළු අනෙක් ත්‍රස්ත නායකයන් දෙදෙනා නිදහස් කළේ ඇමෙරිකන් රජයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. නිදහස ලැබූ ත්‍රස්ත නායකයන් තිදෙනා කටාර් හි දෝහා නුවර තලේබාන් සාම කාර්යාලයට ගෙනැවිත් බාරදීම සිදුවිය.

බේරා ගත් ඇමෙරිකානුවා කෙවින් කිංග් ය. ඕස්ටේ්‍රලියානුයා තිමොති වීක්ස් ය. මොවුන් දෙදෙනා විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බව පැවැසෙයි. මොවුහු වසර තුනකට ආසන්න කාලයක් තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ පසුවූහ.

කටාර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS