තනිවම ව්‍යාපාර පටන්ගන්න අවසර



සෞදි කාන්තාවන්ට තනිවම තමන්ගේම කියා ව්‍යාපාර ඇරැඹීමට අවසර සීමට සෞදි රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, සෞදි කාන්තාවකට ඇගේම කියා ව්‍යාපාරයක් ඇරැඹීමට ඇගේ සැමියාගෙන් හෝ පවුලේ පිරිමි සාමාජිකයකුගෙන් හෝ අවසර ගැනීම අවශ්‍ය නොවන බව පැවැසෙයි.

සෞදි රජය එරට කාන්තාවන් සම්බන්ධයෙන් පවතින නීතිරීති මේ වනවිට ලිහිල් කරමින් යයි. ඒ, හඳුන්වා දීමට සැරැසෙන නව ප්‍රතිසංස්කරණ අනුවය.

කාන්තාවන්ට රිය පැදැවීමට පවා අවසර ලබා දී ඇත. සෞදි කතුන්ට රිය පැදවීමට අවස්ථාව උදාවනු ඇත්තේ ලබන ජූලි මාසයෙන් පසුවය.

සෞදිය නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කරමින් සිටින්නේ, 32 හැවිරිදි මොහොමද් බින් සල්මාන් අබ්දුල්ලාසි අල් සෞද් කුමරුන්ගේ සංකල්පයට අනුවය. සෞද් කුමරු මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අයෙකි.

සෞදි පාලක මණ්ඩලයේත්, එරට විද්වතුන්ගේත් උපදෙස් සහ අනුදැනුම මත, බොහෝ දෙනාගේ මතයට ගරු කරමින්, මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් එම ප්‍රතිසංස්කරණ හරහා සෞදිය වඩ වඩාත් ලොවට විවර වනු ඇති බවත් සල්මාන් කුමරුන්ගේ අදහස වී තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS