ඩුබායිහි පාම් ජුමෙයිරා ගින්න නිවා දමයි



ඩුබායි නගරයේ ෆාම් ෂේප් දුපතේ ඉතා උස ගොඩනැගිල්ලක මහල් ගණනාවක් පුරා පැතිර යමින් තිබූ ගින්නක් එරට ගිනි නිවන භටයන්ගේ දැඩි උත්සහයෙන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවී තිබෙන අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය කාර්යාලය අගහරුවාදා නිවේදනය කළේය.

සදුදා දින මධ්‍යම රාත්‍රියට පෙර පාම් ජුමෙයිරාහ් හි ඕසියානා නිවස සංකීර්ණයෙන් ගින්න ආරම්භ වී ඇති බව වාර්තා වී ඇත.

තද සුළං සහිත තත්වයක් පැවතිය හෙයින් මෙම ගින්න මහල් ගණනාවකට වේගයෙන් පැතිරී ගිය බව ගිනිගන්නා අවස්ථාවේ බලාසිටි පුද්ගලයෙක් ප්‍රකාශ කළේය.

මෑත කාලයේදි උස ගොඩනැගිලි සහිත ඩුබායි නගරයේ ගොඩනැගිලි ගණනාවක මෙවැනි ගිනිගැනීම් සිදුවු බව වාර්තාවේ. ගොඩනැගිලි ආවරණය කිරීම සදහා යොදාගනු ලබන ආරක්ෂිත ආවරණ ගිනි ගන්නි සුළු අමු දුව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන නිසා එවැනි ආවරණ යොදා ඇති ගොඩනැගිලි හදිසි ගිනිගැනීම් වලට  නිරන්තරයෙන් ගොදුරු වන බව ගොඩනැගිලි සහ එහි අරක්ෂාව පිළිබද විශේෂඥයෙක් සඳහන් කළේය.   

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS