ඩ්‍රෝනාවක් බිම හෙළයි



ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන් ප්‍රහාර එල්ල කිරීම සඳහා එවන ලද ඩ්‍රෝනා යානයක් විනාශ කර දැමීමට යේමන සභාග හමුදාව සමත් වී ඇත.

සානා පලාතේ සිට හවුති ගරිල්ලන් ඩ්‍රෝනා යානය සෞදි අරාබිය දෙසට එවා ඇති බවත්, පහසුවෙන් විනාශ කර දැමීමට හමුදාව සමත් වු බව සභාග හමුදා මධ්‍ය ප්‍රකාශක, කර්නල් ටර්කි අල්-මලිකි ප්‍රකාශ කළේ ය.

හවුති ගරිල්ලන්ගේ ප්‍රහාරවලින්සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම ආකාරයකම ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් ගන්නා බවත්, ජාත්‍යන්තර මානුෂිය නීතිරීතිවලට අනුකූලව ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියා කරන බව මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS