ඩමැස්කස් නුවර මහා ජන රැලියක්



සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දක්වමින්, ඇමෙරිකාව, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය සිදුකළ ගුවන් ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, මහා ජන රැලියක් සිරියාවේ ඩමැස්කස් අගනුවර පැවැත්විණි.

සිරියානු ජනපති බෂීර් අසාද්ට සහයෝගය දක්වමින් ඩමැස්කස් අගනුවරට එක්රොක් වුණු සිරියානු වැසියන් ගණන දහසකට වැඩි යැයි සිරියානු මාධ්‍ය වාර්තා කර තිබුණි. ජන රැලියට රථ පෙරහරකුත් ඇතුළත් විය. පිරිස සිරියානු ධජ වනමින්, ජනපති අසාද්ගේ ඡායාරූප අතැතිව රැලියට එක්වී සිටියහ.

සිරියාවේ ඩෝමා නගරයට විස වායු ප්‍රහාරයක් එල්ල වුණැයි චෝදනා කරමින් ඇමෙරිකාව එරට හමුදා කඳවුරු සහ විස රසායනික අවි කම්හල්වලට පහරදීමක් කළේ පසුගිය 14 වැනිදාය.

ඇමෙරිකාවට සහාය දක්වමින් මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ද මිසයිල ප්‍රහාරයට එවුල් විය. එම විස වායු ප්‍රහාරයෙන් සිරියානු සිවිල් වැසියෝ 71 ක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS