ඩමැස්කස් නුවර බෝම්බ දෙකක් පිපිරී 40 ක් මරුට



සිරියාවේ පැරැණි ඩමැස්කස් නුවර බෝම්බ දෙකක් පිපිරීමෙන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 ට වැඩිය.

බෝම්බ ප්‍රහාරවලට බිලිවූයේ ඉරාකයේ සිට පැමිණි ෂියා මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

බෝම්බ පිපිරි ගියේ බාද් අල් සගීර් සුසාන භූමිය අසලය. ෂියා මුස්ලිම් ආගමික නායකයන් සහ පුරෝගාමීන් රැසක් මෙහි මිහිදන් කර ඇත. මෙය ෂියා මුස්ලිම් වන්දනාකරුවන් නිතර පැමිණෙන ස්ථානයකි.

බෝම්බ පිපිරීම්වලින් වන්දනාකරුවන් රැගෙන ආ බස් රථ හතරක් සහ තවත් මෝටර් රථ රැසකට හානි සිදුවී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

අල්ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS