ටියුනීසියා ජනපති රෝහලෙන් යයි



පසුගිය මාස කිහිපය පුරාවට ගිලන්ව, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටි ටියුනීසියා ජනාධිපති 92 හැවිරිදි බෙජී කැයිඞ් එසෙබ්සී සුවය ලබා එරට හමුදා රෝහලෙන් පිටව ගොස් ඇත.

ජනපතිවරයාගේ රෝගී තත්ත්වය කුමක්දැයි මේ වනතුරු ජනතාවට අනාවරණය කර නැත. ටියුනිසියාවේ මහ මැතිවරණය මෙම වසරේ ඔක්තෝබරයේ පැවැත්වීමට තමන් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා රෝහලෙන් පිටවී යෑමෙන් පසු ජන හමුවකදී පවසා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS