ට්‍රම්ප්ගේ තීරණයට ටිලර්සන්ගේ විරෝධය



ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීම ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කිරීම හරහා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වේවි යැයි ටිලර්සන් දිගින් දිගටම ට්‍රම්ප්ට දන්වා තිබුණි.

ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් ද ට්‍රම්ප්ගේ මෙම තීරණයට දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව ද වාර්තා වේ.

ට්‍රම්ප්ගේ තීරණයට සහාය පළ කර ඇත්තේ උප ජනාධිපති මයික් පෙන්ස්, ඊශ්‍රායල හිතවාදී ඇමෙරිකන් තානාපති ඩේවිඩ් ෆ්‍රයිඩ්මන් යන දෙදෙනාය.

ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට කටයුතු කළේත් ඒ අනුව, දැනට ඊශ්‍රායලෙයේ ටෙල් අවීව් නුවර පවතින ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කිරීමට පියවර ගෙන ඇත්තේ ඡන්ද පොරොන්දුවකට අනුවය.

පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් ට්‍රම්ප්ට ජය ගැනීමට ඇමෙරිකන් යුදෙව් ප්‍රජාවගේ ද සහාය හිමිවිය. ජනපතිවරණ සමයේදී ට්‍රම්ප් පොරොන්දු වූයේ ඊශ්‍රායලයට සහාය ලබා දෙන බවටය.

(රොයිටර්)


RECOMMEND POSTS