ට්‍රම්ප්ගේ ඊශ්‍රායල සංචාරය



ඊශ්‍රායල සංචාරය අතරතුරේ, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධ වුණු පුවත් රැසක් ‘මේල් ඔන්ලයින්’ වෙබ් අඩවිය මගින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා, ටෙල් අවීව් නුවරට නුදුරින් පිහිටි ‘බෙන් ගුරියොන්’ ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිය සේරා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුණි.

‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් බැස ඊශ්‍රායල අගමැති නෙදන්යාහු සිටි තැනට යද්දී, ජනපති ට්‍රම්ප් බිරිඳ මෙලානියාගේ අත අල්ලන් යෑමට උත්සාහ ගත් නමුත්, බිරිඳ මෙලානියා අත ගසා දමන අයුරු කැමරාවල සටහන් වී තිබේ.

ඊශ්‍රායල සංචාරයේ දී ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඊශ්‍රායල ජනාධිපති රිවිල්න් ද හමුවූහ. ඒ, ජනපති මන්දිරයේදීය. මෙලානියා ජනපති මන්දිරයේ සවාරියකට එක් කර ගැනීමට ඊශ්‍රායල ජනපති ආර්යාව නිකාමා කටයුතු කළාය.

ඊශ්‍රායලය සහ පලස්තීනය වෙන් කෙරෙන ‘බටහිර තාප්පය’ අසලට ද ට්‍රම්ප් සහ මිලානියා ගියේ යැයි වාර්තා විය.

ඇමෙරිකන් ජනපතිවරයකු ‘බටහිර තාප්පය’ අසලට ගිය පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ. ඊශ්‍රායල සංචාරය අවසන් කිරීමේ පසු, ට්‍රම්ප් සහ මෙලානියා බෙත්ලෙහෙම බලා පිටත්ව ගියහ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS