ට්‍රම්ප් කීවාට සෙබළු ගෙන්වා ගන්න බෑ



සිරියාවේ සිවිල් අරගලට සම්බන්ධ වෙමින්, සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන ඇමෙරිකන් සොල්දාදුවන් යළි ගෙන්වා ගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවත්, එය එසේ කළ නොහැකි බව පෙන්ටගනය අවධාරණය කරයි.

පෙන්ටගනය යනු ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුවයි. පෙන්ටගන ප්‍රධානීන් පවසා ඇත්තේ සිරියාවේ සිවිල් අරගලය තවමත් සතුටුදායක ලෙස අවසන් වී නැති හෙයින්, ඇමෙරිකන් සෙබළුන් යළි ගෙන්වා ගැනීම කළ නොහැකි බවය.

ඇමෙරිකන් හමුදාව පවසන්නේ, අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තයන්ගෙන් සියයට 90 ක් මර්දනය කිරීමට, තමන්ට හැකිවී ඇති බවය. ඉතිරි ප්‍රතිශතය මර්දනය නොකර සිරියානු අර්බුදයෙන් ඉවත් වීම කළ නොහැකි බව සී.අයි.ඒ. බුද්ධි අංශය ද පෙන්වා දී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS