ජෝර්දානයේ 7 කට කොරෝනා



ජෝරාදානයෙන් කොරෝනා ආසාදිතයන් 7 දෙනකු වර්තා වේ. එම ආසාදිතයන් අතර ඊජිප්තුවේ සිට පැමිණි ඇමෙරිකන් සංචාරකයකු ද සිටින බව පැවැසෙයි.

මීට පෙර ජෝරාදානයෙන් වාර්තා වූයේ එක් කොරෝනා ආසාදිතයකු පමණි. එය හිටිහැටියේ වැඩි වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති.

වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණ ඇතිව අසල්වැසි රටවල් සමඟ දේශසීමා වසා දැමීමට ජෝර්දානයෙන් පිටවල සහ පැමිණෙන සියලු ගුවන් යානා තාවකාලිකව නැවැත්වීමටත් ජෝර්දාන රජය පියවර ගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS