ජාතික කොඩි දිනයට සූදානම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික කොඩි දිනය සැමරීම සඳහා රට පුරා වැඩකටයුතු සංවිධානය කිරීමට උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් විශේෂ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ජාතික කොඩි දිනය නොවැම්බර් 01 දින පැවැත් වෙන අතර පෙරවරු 11.00ට යෙදෙන සුභ මොහොතින් ඩුබායි පාලකයා එමිරේට්ස් ජාතික ධජය ඔසවීමට නියමිතව ඇත.

එමිරේට්ස් ජාතික සමගිය සහ ශ්‍රේෂ්ඨත්වය සංකේතවත් කිරීමේ අරමුණින් ජාතික කොඩි දිනය 1971 වර්ෂයේදී එමිරේට්ස් නිර්මාතෘ, පළමු සහ හිටපු එමිරේට්ස් ජනාධිපති, ෂයික් සෙයිඩ් බින් සුල්තාන් අල්-නහියන් ප්‍රකාශයට පත් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS