ජපාන යෝජනාවට රුසියාව හරස් වෙයි



සිරියානු රජය විසින් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව යළිත් වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පෙන්වා දෙමින්, ජපානය කළ යෝජනාවට රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් විරෝධය දක්වා ඇත.

මීට පෙර ද මේ අයුරින් සිරියාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවශ්‍ය යැයි කී සෑම අවස්ථාවකදීම රුසියාවත්, රුසියාවට සහාය දක්වමින් චීනයත් නිෂේධ බලය භාවිතා කළේය.

මෙවර චීනය ඡන්දය දීමෙන් වැළැකී සිටි අතර, ජගත් ආරක්ෂක මණ්ඩලයේ ආරාධිත සාමාජික රාජ්‍යයක් වන බොලිවියාව යෝජනාවලියට විරෝධය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළේ යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS