ජනමත විමසුමක් එපා



ඉරාක කුර්දිවරුන් ඔවුන් පදිංචි කුර්දිස්තාන පළාත වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට ජනමත විමසුමක් පැවැත්වීමට සූදානමින් සිටින නමුත් ඉරාක රජය පමණක් නොව, අසල්වැසි ඉරානය සහ තුර්කිය ද පවසා ඇත්තේ එසේ නොකරන ලෙසටය.

ඉරාක රජය අනතුරු ඇඟවීමක් කර ඇත්තේ කුර්දිස්තානය වෙනම රටක් කර ගැනීමට කුර්දි වැසියන් උත්සහ ගැනීමෙන් මහා ලේ වැගිරීමක් සිදුවනු ඇති බවත්, ඉරාකයේත් අසල්වැසි කලාපයේත් තවත් නව අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්ය.

ජනමත විමසුම ව්‍යවස්ථානුකූල නොවන බව ද ඉරාක අගමැති පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට නිව්යෝක් නුවරට පැමිණ සිටින ඉරාක, ඉරාන සහ තුර්කි විදේශ ඇමැතිවරුන් අතරේ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS