ඡන්ද විමසුමක්



සෞදියට සහාය පළ කරමින්, ඇමෙරිකාව තවදුරටත් යේමන අර්බුදයට මැදිහත් විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් සෙනෙට් සභාවේ ඡන්ද විමසුමක් සිදුවිය.

යේමන අර්බුදය සම්බන්ධයෙන් මෙසේ ඡන්ද විමසුමක් පැවැත්වීම සිදුවූයේ ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී මුල්කොට ගනිමිනි.

කශොග්ජී ඝාතනය සිදු වූයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇත. සෙනෙට් මණ්ඩලයේ ඒකමතික තීරණය වී ඇත්තේ, කුමරුන්ට දඬුවම් ලැබිය යුතු බවය.

කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩිව පවසා ඇත්තේ කිසිම අවස්ථාවක සල්මාන් කුමරුන් සමඟ හෝ සෞදිය සමඟ හෝ අර්බුදයක් ඇති කර ගන්නේ නැති බවය.

යේමන අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වී සිටින්නේ, සෞදිය කළ ඉල්ලීම්වලට අනුවය. සෞදියට විරෝධය පෑමක් ලෙස යේමන අර්බුදයෙන් ඉවත් වීමට සෙනෙට් මණ්ඩලයේ බහුතරයකගේ කැමැත්ත හිමිවී ඇති බව පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS