ඝාතකයා පැය 4 අල්ලයි



අරාබි සම්භවයක් සහිත ඇමරිකානු ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ පුද්ගලයාව පැය හතරක් ඇතුලතදී අත්අඩංගුවට ගැනීමට එමිරේට්ස් පොලීසිය සමත් වී ඇති බව වාර්තා වේ.

තම ඥාතියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බව දන්වමින් ව්‍යාපාරිකයගේ ඥාතියෙක් පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර දුරකථන ඇමතුම අනුව ක්‍රියාත්මක වු පොලීසිය ව්‍යාපරිකයා නතර වී සිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමෙන් පසු මළසිරුර සොයාගෙන ඇත.

ව්‍යාපාරිකයා ඝාතකයාත් සමඟ හෝටල් කාමරයට පැමිණ ඇති අතර ඉන්පසු හෝටල් කාමරය තුලදිපහර දී ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව එමිරේට්ස් පොලීසියේ සහකාර අණදෙන නිලධාරී අල් මන්සූරි ප්‍රකාශ කළේය.

විසිපස් හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS