ගූඨා පළාත මුදා ගත්තා



ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති සිරියාවේ ගූඨා පළාත මුළුමනින්ම මුදා ගැනීමට සමත් වුණැයි සිරියානු රජය නිවේදනය කරයි.

සිරියානු හමුදාව වෙනුවෙන් ප්‍රකාශක ජනරාල් අලී මහ්යූබ් මාධ්‍ය හමුවේ ප්‍රතාශ කර සිටියේ ගූඨා පළාත මුළුමනින්ම මුදා ගැනීමට හැකිවීම තමන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් කියාය.

ගූඨා යනු කඳුකර පළාතකි. මෙහි බලය අල්ලාගෙන සිටියේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහාය දක්වන ‘ජායිෂ් අල් ඉස්ලාම් තක්ෆීරී’ ත්‍රස්තවාදීන්ය. මොවුහු ගූඨා පළාතේ සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිතා කරමින් සිරියානු රජයේ හමුදා සමඟ සටන් වැදුණාහ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS