ගුවන්තොටුපොල අසලට රොකට් ප්‍රහාර



ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසලට රොකට් ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ඉරාක හමුදාව පවසනවා.

බටහිර බැග්ඩෑඩ් හි ග්‍රාමීය ප්‍රදේශයක සිට රොකට් ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වේ.

රොකට් ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු වී නොමැති බවත්, ප්‍රහාර එල්ල කිරීමේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැති බව ඉරාක හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS