ගුවන්ගමන් අවලංගු කරයි



ඕමාන් ගුවන් සමාගම පසුගිය සඳුදා සිට නොවැම්බර් 30 වෙනිදා දක්වා ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

බෝයිං 737 මැක්ස් ගුවන්යානා ගුවන් ගමන් සඳහා භාවිතා නොකරන ලෙස නියෝග කිරීම හේතුවෙන් ගුවන් ගුමන් අවලංගු කිරීමට සිදු වී ඇති බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

විකල්ප ගුවන්යානා හෝවෙනත් ගුවන්යානා මගින් ගමනාන්ත වෙත යෑමට පහසුකම් සළසා දෙන බව ගුවන් සමාගම නිවේදනය කළේ ය.

මෙම කාලය තුළ ඇතන්ස්,ජයිපූර්,ඩුබායි,බහරේන්,රියාද්,නයිරෝබි,බැංකොක්,ජෙඩ්ඩා,කොළඹ,දම්මම්,මොස්කව්,ටෙහෙරාන්,කුවේට්,අම්මාන්,බැංගලෝර්,දෝහා සහ සලාලා වෙත පියාසර කිරීමට තිබු ගුවන්ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සිදුවන බව ඕමාන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS