ගුවන් යානා හරවා යවයි



මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ගුවන් ධාවන පථය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ගුවන් යානා හරවා යවා ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 24 වන දින රාත්‍රී 11.09 සිට දෙසැම්බර් 25 වන දින අළුයම 12.45 දක්වා කාලය තුල මස්කට් ගුවන්තොටුපොලට පැමිණීමට නියමිතව තිබු ගුවන්යානා හරවා යවා ඇත.

ගුවන් ධාවන පථය නැවත විවෘත කිරීමෙන් ටික වේලාවකට පසු හරවා යැවූ සියලුම ගුවන්යානා මස්කට් ගුවන්තොටුපොල වෙත පැමිණි ඇත.

ධාවනය පථය වසා තැබීම හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වු බවත්, ගුවන්ගමන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ඕමාන් ගුවන් සමාගම ගුවන් මඟීන්ට දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඔන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS