ගුවන් යානයක කාර්මික දෝෂයක්



ඕමානයේ මස්කට් අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට ඉන්දියාවේ බැංගලෝර් ගුවන් තොටුපල දක්වා පියාසර කරමින් තිබු ඕමාන් ජාතික ගුවන් සේවයට අයත් බෝයින් 737-800 ගුවන්යානයක ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නැවත මස්කට් ගුවන් තොටුපල වෙත පියාසර කළ බව වාර්තා වේ. 

ගුවන් මඟීන් 154 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු රැගෙන පෙරවරු 10.25ට (එරට වේලාවෙන්) ගුවන්යානාය පිටත් වී ඇත.

සියළුම ගුවන් මඟින්ට අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට මස්කට් ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර ඇති අතර පස්වරු 3.00ට ගුවන්යානය බැංගලෝර් ගුවන් තොටුපල බලා යළි පියාසර කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                    

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS