ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින්



යුක්රේන මගී ගුවන් යානය ඉරානයේ දී කඩා වැටුණේ ඊට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් යැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මාධ්‍ය හමුවේ පවසයි.

බෝයිං 737 වර්ගයේ එම යානය ඉරානයේ සිට යුක්රේනයේ කීව් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වී මිනිත්තු කීපයකදී කඩා වැටුණි. එහි සිටි 176 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ. යානයේ සිටි මගීන් අතර ඉරාන කැනඩා ජාතිකයෝ 63 සිටියහ. අනතුරින් යානයේ සිටි සියල්ලෝම ජීවිතක්ෂයට පත් විය. යානයට අනතුරට පත් වූයේ එහි ඇන්ජිමක් අක්‍රිය වීමෙන් යැයි ඉරානය එම අවස්ථාවේදී කියා සිටියේය.

කෙසේ නමුත්, යානය කඩා වැටන අවස්ථාව වෙද්දී, ඉරාන හමුදාව ඔවුන් සතු බලැස්ටික් මිසයිල 21 ක් යොදා ගනිමින් අසල්වැසි ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු දෙකකට පහර දෙමින් සිටියේය.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසන්නේ, යුක්රේන යානය ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක් වුණු බවය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කැනඩා සහ විදෙස් බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි. ඒ, ඔටෝවා නුවරදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

‘එය හිතාමතා කළ පහරදීමක් නොවෙයි. ඒත් ඉරානය සතු මිසයිලයක් ගුවන් යානයේ වැදුණා. යානය කඩා වැටීමට හේතුව වූයේ එයයි.’ යැයි කැනඩා අගමැති ටෲඩෝ පැහැදිලි කර තිබේ.

ඉරානයේ දී යුක්රේන ගුවන් යානය අනතුරට පත් වූයේ ඉරාන මිසයිල ප්‍රහාරයක් නිසා බව ඇමෙරිකා බුද්ධි අංශ පමණක් නොව, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද පවසා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS