ගුවන් මඟීන් මිලියන 16.21 ගමන් කරලා



ඕමානයේ ගුවන්තොටුපොළවල් හතරකින් ගුවන් මඟීන් මිලියන 16.21ක් ගමන් කර ඇති බව වාර්තා වේ.

මස්කට්, සලාලා, සොහාර් සහ ඩුක්ම් යන ගුවන්තොටුපොළවල් හතරෙන් ගුවන් මඟීන් ගමන් කර ඇති අතර එම කාලය තුළ ගුවන්ගමන් වාර 104,830 ක්‍රියාත්මක කර ඇත.

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මුළු මගීන් සංඛ්‍යාව 2019 නොවැම්බර් මස අවසන් වන විට 4.6% කින් ඉහළ ගොස් ඇති අතර ගුවන් මඟීන් සංඛ්‍යාව මිලියන14.63 ක් වී තිබේ.

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 0.8%කින් පහත වැටී ඇති අතර සංඛ්‍යාත්මකව 108,674 සිට 107,759 දක්වා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                    
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS