ගුවන් මගීන් ලෙඩ වෙලා



ඩුබායි සිට නිව්යෝක් ජොන් එෆ් කෙනඩි ගුවන්තොටුපොල බලා පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක මගීන් හිටිහැටියේ රෝගී වී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ නිව්යෝක් බලා අංක 203 එමිරේට්ස් ගුවන් යානයෙන් පැමිණි පිරිස 521 කි. ඔවුන්ගෙන් සියයකට වැඩි පිරිසක් රෝගී වී ඇත.

රෝග ලක්ෂණ වන්නේ කැස්ස සහ උණ යැයි ඇමෙරිකා වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි.

ගුවන් යානය නිරෝධනය කිරීමට බලධාරීහු වහා පියවර ගත්හ. රෝගීවූ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වහා රෝහල් ගත කරමින් පරීක්ෂා කළ බවත් නිසි ප්‍රතිකාර ලබා දීම සිදු කළ බවත් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS