ගිනි නිවන එමීර් කාන්තාවෝ



එමිරේටයේ ගිනි නිවීමේ හමුදා සේවය සදහා ප්‍රථම වරට කාන්තා නිලධාරිනියන් බදවා ගැනීමට එරට පාලක රජය පියවර ගෙන ඇත.

එහි පළමු පියවර යටතේ කාන්තා අයැදුම්කරුවන් 150 දෙනෙකු අතරින් සුදුසුකම් සැපිරෑ කාන්තාවන් 15 දෙනෙකු ගිනි නිවීමේ හමුදාවට එක් කර ගැනීම සිදු කෙරිණි.මෙම අයදුම්පත් කැදවීම පළමුවරට නිවේදනය කෙරැ⁣නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දීය.

ජාත්‍යන්තර කාන්තා යෙදී තිබූ ඉකුත් 8 වැනිදා මෙම ප්‍රථම කාන්තා ගිනි නීවීමේ නිලධාරිනියන් ගැන තොරතුරැ හෙලි කිරීම විශේෂත්වයකි .

මෙවැනි දැඩි වගකීමක් සතු රැකියාවක් තෝරා ගැනීම සම්බන්ධයෙන් කලීජ් ටයිම්ස් වෙත අදහස් දැක්වූ නෝරා ඔත්මාන් අල් ගෆ්ලි පැවසූයේ ජාතියේ පියා වන ෂෙයික් සෙයිද් බින් සුල්තාන් අල් නයාන් ඇතුළු වර්තමාන එමීර් පාලකවරැන් කාන්තාවන් වෙනුවෙන් නිරන්තරයෙන් සිදුකරනා දිරිගැන්වීම් හේතුවෙන් තමන්ට මෙවැනි අවස්ථාවක් හිමිවූ බව කියා සිටින්නීය.

එළැඹෙන ග්‍රීෂ්ම සෘතුවේදි සේවයට එක්වන මෙම කණ්ඩායම මේ දිනවල මාස හය පුහුණු සීමාවකට යටත්ව අදාළ පුහුණුව ලබා ගන්නා බන සාජා සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්  කර්නල් සාමි ඛමීස් අල් නඛී  කලීජ් ටයිම්ස් පුවත්පත වෙත පැවසීය .

මෙම මාස හයක පුහුණුවීම සදහා ක්‍රීඩා ක්‍රියාකාරකම්, ඉලක්කයට වෙඩි තැබීම , එරට සිවිල් ආරක්ෂක සේවාවේ නීති රීති ඉගැන්වීම් සිදු කරනු ලබයි.ඉන්අනතුරුව තවත් මාස දෙකක කාලයකදී ගිනි නිවීමේ සේවා පුහුණුව ලබා දෙනු ඇත.

( තිළිණි  ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS