ගින්නකින් 13 ක් බේරාගෙන



අබුඩාබි නුවර කලීඩ් වරායේ නැවක ඇති වු ගින්නකින් නැවේ සේවය කළ ඉන්දීය ජාතිකයන් දහතුන්දෙනෙක් (13) බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගින්න හටගන්නා අවස්ථාවේදි ඩීසල් ගැලුම් 6,000ක්, මෝටර් රථ 120ක් සහ ටයර් 300ක් නැවේ ගබඩා කර තිබී ඇත.

පැයකට පමණ පසු ගින්න මැඩපැවැත්වීමට සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනිනිවන භටයන් කටයුතු කර ඇති අතර ගිනිගැනීමට හේතු වු කරුණු වු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS