කොන්දේසිවලට කටාරය බෑ කියයි



නිර්මාණය වුණු අර්බුදය අවසන් කිරීමට, සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යයට ලබා දුන් කාල සීමාව හෙට (6)
අවසන් වීමට නියමිත අතර, කටාරය දිගින් දිගටම පවසා ඇත්තේ, සෞදිය ප්‍රමුඛ රටවල් පැනැවූ කොන්දේසි පිළිගැනීමට සූදානම් නොමැති බවය.

තමන් ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 ට කැමැත්ත පළ නොකරන්නේ නම්, තව තවත් සම්බාධක පනවා, කටාරය හුදෙකලා කිරීමට පියවර ගන්නවා යැයි සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට දැනුම් දී ඇත.

තමන් කටාරයට මෙසේ කොන්දේසි පැනැවූයේ, කටාරය සමඟ පවතින අර්බුදය අවසන් කිරීමේ අරමුණින් යැයි සෞදිය, බහරේනය සහ එක්සත් අරාබි එමීරය පවසා ඇත.

කටාර් අර්බුදයේ දී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කුවේට් රාජ්‍යයයි. තමන් සෞදිය ප්‍රමුඛ රටවල කොන්දේසිවලට හිස නොනමන බව කටාර් රාජ්‍යය කුවේටයට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. කටාරය දිගින් දිගටම පවසා ඇත්තේ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ එම කොන්දේසි ‘යථාර්ථවාදී’ නොවන බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS