කුවේට් විලාසිත සතිය අවලංගුයි



කුවේට් ජාත්‍යන්තර විලාසිතා සතිය ආරම්භ වීමට පැයකටත් අඩු කාලයක් තිබියදී අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

විලාසිත සතියට එල්ල වු ප්‍රබල බලපෑම් හේතුවෙන් සංවිධායක මණ්ඩලයට අවලංගු කිරීමට සිදු වී ඇත.

ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇල්ජීරියාව, ආමේනියා සහ ලෙබනන් යන රටවල්වල ලෝක ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන් කුවේට් අන්තර්ජාතික විලාසිතා සතිය සමඟ වසර ගණනාවක් සම්බන්ධව කටයුතු කළ බව ප්‍රධාන විධායක කළමණාකරු, රබාබ් අල්-හමාඩි ප්‍රකාශ කළා ය.

විලාසිතා සතිය අවලංගු කිරීමෙන් කුවේට් ඩිනාර් 50,000ක පාඩුවක් සහ කීර්ති නාමයට සිදු වු පාඩුව මුදලින් තක්සේරු කළ නොහැකි බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS