කුවේට් මුහුදේ තෙල් කාන්දුවක්



කුවේට් රාජ්‍යයේ අල්-ෆුහයිහල් මුහුදු ප්‍රදේශයේ තෙල් කාන්දුවක් දක්නට ලැබෙන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මීට පෙරද මෙවැනි ආකාරයේ තෙල් කාන්දු වීම් කීපයක් වාර්තා විය.

තෙල් කාන්දුව ඇතිවීමට හේතු වු කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් පැවැත් වීමට කුවේට් පරිසර අධිකාරිය, කුවේට් පෙට්රෝලියම් සමාගම සහ කුවේට් ජාතික පෙට්රෝලියම් සමාගම සහයෝගයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

විශේෂ පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව තෙල් කාන්දුව ඇතිවීමට හේතු වු කරුණු ඉදිරි දින කීපයේදි මාධ්‍යට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS