කුවේට් නැවේ 6 කට කොරෝනා



ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කුවේට් රාජ්‍යයට අයත් සතුන් ප්‍රවාහන කරන නෞකාවක නාවිකයන් හය දෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කුවේටයෙන් මැයි 07දින ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය බලා පිටත්ව ගොස් ඇති අතර, නාවිකයන් පරීක්‍ෂා කිරීමෙන් පසු හය දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවිකයන් හය දෙනා නිරෝධායනය කිරීම සඳහා හෝටලයක් වෙත ගෙන ගොස් ඇත.

නෞකාවට පර්ත් වරායට පැමිණීමට අවසර දුන්නේ කුමන හේතුවක් මතද යන්න ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායෙන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරයා විමසා ඇත.

අදාල නෞකාව ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රඳවා තිබෙන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS