කුවේටයේ හදිසි ගින්නක්



කුවේට් රාජ්‍යයේ නගරයක් වන ෂාක් හි ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක හදිසියේ විශාල ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගින්න හැකි ඉක්මණින් මැඩපැවැත්වීම සඳහා ගලවා ගැනීමේ කාණ්ඩායම් 12ක් යොදවා තිබු අතර ගිනි නිවන භටයින් 180ගේ සහය ලබා ගෙන තිබුණි.

ගිනි නිවන භටයින් තුන්දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති අතර බරපතල පුද්ගල හානි වාර්තා වී නොමැති බව ගිනි නිවීමේ අංශයේ මහජන සම්බන්ධතා කාර්යාලය නිවේදනය කළේය.

අවට ඇති ගොඩනැගිලි වලට ගින්න පැතිරී යෑම වැලැක්වීම සඳහා  කුවේට් ඔයිල් සමාගමේ සේවකයින්ද පැමිණ සහය දැක්වු බව වාර්තා වේ.

ගිනි ගැනීමට හේතු වු කරුණු සහ සිදුවී ඇති අලාභ හානි පිළිබඳව සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

විඩියෝව නැරඹීම සඳහා:

 https://www.youtube.com/watch?time_continue=51&v=UwiXFES9vWk

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS