කුවේටයේ පාලකගෙන් විශේෂ ලිපියක්



ගල්ෆ් කලාපයේ සාමය  ඇතුළු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන සඳහන් කරමින් කුවේටයේ පාලක ෂෙයික් සබාහ් අල් අහමඩ් අල් ජබේර් අල් සබාහ් විසින් විශේෂ දූතයෙකු අත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයේඩ් අල් නයාන් සහ  අග්‍රාමත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් වෙත ලිපියක් යවා ඇත.

කුවේට් එමීර්වරයාගේ විශේෂ නියෝජිතවරුන් වන එරට විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් සබාහ් අල් කලීඩ් අල් සබාහ් සහ කුවේටයේ වැඩබලන තොරතුරු අමාත්‍ය මොහොමඩ් අල් අබ්දල්ලා අල් මුබාරක් අත කුවේට් එමීර්වරයා මෙම විශේෂ ලිපිය යවා ඇතැයි සඳහන් ය.

විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් අතර පවත්වාගෙන යුතු ද්විපාර්ශවික සබ;තා ,සහ කලාපයේ සංවර්ධන සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තැන් කුවේට් එමීර්වරයා විසින් පෙන්වා දී ඇත.කුවේට් එමීර්වරයා මෙලෙස විශේෂ දූතයෙකු අත එමීරයේ නායකයින්ට යැවූ ප්‍රථම ලිපිය මෙය යැයිද පැවසේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ඩිජිටල් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS