කුවේටයේ ජනගහනය 4,588,148



කුවේටයේ සමස්ථ ජනගහනය හතළිස් පන්ලක්ෂ අසූ අටදහස් එකසිය හතළිස් අටක් (4,588,148) වී ඇති බව මහජන තොරතුරු සඳහා වන රාජ්‍ය අධිකාරිය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

සමස්ථ ජනගහනයෙන් 31%ක් කුවේට් ජාතිකයන් නියෝජනය වන අතර සංඛ්‍යාත්මකව 1,385,960ක් වේ.

කුවේට් ජනගහනයෙන් 21%ක් කටාර් ජාතිකයන්ද, 19%ක් එමිරේට්ස් ජාතිකයන් ද වේ.

සෞදි ජනගහනයෙන් 63%ක් සෞදි ජාතිකයන්ද,බහරේන්ජනගහනයෙන් 47%ක් බහරේන් ජාතිකයන්ද,ඕමාන් ජනගහනයෙන් 56%ක් ඕමාන ජාතිකයන් වන බව රාජ්‍ය අධිකාරිය පෙන්වා දෙයි.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සාමාජික රටවල්වල ජීවත්වන මුළු ජනගහනයෙන් 52%ක් පුරවැසියන් නියෝජනය වන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS