කුවේටයේ ආහාර පරිභෝජනය 40% ඉහළට



රමසාන් උත්සව මාසයේ කුවේට් රාජ්‍යයේ ආහාර පරිභෝජනය 40%කින් ඉහළ ගොස් ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළ අතර වානිජ අරමුණු වෙනුවෙන් පුද්ගලයින්ගේ ආහාර පුරුදු වෙනස් වී ඇති බව පුවත්පත පෙන්වා දෙයි.

එක් කුවේට් පවුලක් කුවේට් ඩිනාර් 1500-2500ක මුදලක් උත්සව සමයේ වියදම් කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති අතර ආහාර පරිභෝජනය සහ අනිකුත් භාණ්ඩ සඳහා කුවේට් ජාතිකයින් කුවේට් ඩිනාර් මිලියන 500ක් ඉක්මවා රාමසාන් උත්සව කාලය තුලදී වියදම් කරන බව Al Qabas පුවත්පතේ පළ කරන ලද වාර්තාවක සඳහන්වී ඇත. 

කුවේට් රාජ්‍යයේ රැදී සිටින විදේශිකයින් කුවේට් ඩිනාර් මිලියන 250ක් උත්සව සමයේ වියදම් කරන  අතර කුවේට් ජාතිකයින්ගේ සහ විදේශකයින්ගේ වෙනත් ආහාර පරිභෝජනය 80% ඉහළ යන බව සමීක්ෂණය වාර්තාවේ සඳහන් කර ඇත.   
 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS