කුවේටයෙන් 30,000 ගිහින්



කුවේටයෙන් විදේශ ශ්‍රමිකයන් තිස් දහසක් (30,000) මැයි මාසයේ (2019) මුල් දින කීපය තුල සිය රටවල් බලා ගොස් ඇති බව වාර්තා වේ.

කුවේටයේවිදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 3,333,027 වන අතර සමස්ථ ජනගහනයෙන් 70.3% ක් වේ.

කුවේට් පුරවැසියන් සංඛ්‍යාව1,412,264 ක් වන අතර ජනගහනයෙන් 29.7% ක් නියෝජනය වන බව මහජන තොරතුරු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

විදේශ ශ්‍රමිකයන් කුවේටය හැර යෑමට හේතු වු කරුණු පිළිබඳව වෙබ් අඩවියේ සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS