කුවේටයට ඇතුළුවීම තහනම්



චීන හා හොංකොං ජාතිකයින්ට කුවේටයට ඇතුළුවීම සිවිල් ගුවන් සේවා අධිකාරිය තහනම් කර ඇති බව වාර්තා වේ.

අදාල තහනම කුවේට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සිවිල් ගුවන් සේවා අධිකාරිය ක්‍රියාක්ම කරයි.

නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටපනවා ඇති තහනම ක්‍රියාත්මක කරන ලෙස කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලුම ගුවන් සමාගම් වෙත චක්‍රලේඛයක් මඟින් දැණුවත් කර තිබේ.

පසුගිය සති දෙක තුළ චීනයේ හෝ හොංකොං හි සිටි සියලුම ජාතිකයන්ට සහ කුවේටයට පැමිණීමට වීසා බලපත්‍ර ලබාගෙන ඇති සියලු දෙනාටම තහනම අදාළ වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS