කුරුලු උණ



සෞදි ගොවිපලවල් තුල කුරුළු උණ රෝගය (එච්5එන්8) වැළදි සිටින පක්ෂීන් පරීක්ෂා කර බලා ආරක්ෂිත පියවරක් ලෙස ඝාතනය කිරීමට සෞදි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පක්ෂීන් පරික්ෂා කිරීම සඳහා සෞදි සෞඛ්‍ය අධිකාරියවිශේෂ කණ්ඩායමක් පත් කර ඇති අතර රෝගී තත්ත්වය වැළදී සිටි පක්ෂීක් 5,404ක් පැය 24ක් ඇතුලතදී  ඝාතනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.   

පසුගිය පැය 24ක කාලය තුල කිසිදු කුරුළු උණ රෝගී තත්ත්වයක් වාර්තා නොවුණු බව පරිසරික, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS