කුර්දි සටන්කාමීන් ශක්තිමත් කරනවා



ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත්වීමට සූදානම් වන්නේ සිරියානු රජයට විරෝධය දක්වන, අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමෙරිකා හමුදා සමඟ අත්වැල් බැඳගෙන සටන් වදින කුර්දි සටන්කාමීන්ට අවි ආයුධ දී ශක්තිමත් කිරීමෙන් පසුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ නමුත් ඇමෙරිකා හමුදාව ගෙන ඇති මෙම තීරණයට නේටෝ සංවිධානයේ ප්‍රධාන මිතුරකු ද වන තුර්කියෙන් දැඩි විරෝධයක් එල්ල වීමේ අවදානමක් මතු වී ඇත.

තුර්කියේ අසල්වැසියා සිරියාවය. තුර්කි සිරියා දේශසීමාවේ කුර්දි බෙදුම්වාදීන් තුර්කි රජයට තර්ජනයකි.මෙම බෙදුම්වාදීන් අත්වැල් බැඳගෙන සිටින්නේ කුර්දි සටන්කාමීන් සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS