කුමරු සුබ පතයි



එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයේ කෘතිම ශ්වසන යන්ත්‍ර නිෂ්පාදනය කළ කණ්ඩායමට ඩුබායි ඔටුන්න හිමි කුමරු  සුබපැතුම් එක්කර ඇත.

ඉදිරි කාලය තුළ ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත්, ඒ සඳහා අනාගතය ශක්තිමත්ව නිර්මාණය කර ගත යුතු බව ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි අනාගත පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති, ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පැවසීය.

එමිරේටය යනු සියළු දේ කළ හැකි යැයි සිතන, දුෂ්කරතා හා බාධක හමුවේ පසුබට නොවන පිරිසක් සිටින රාජ්‍යයක් බව කුමරු වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS