කිලෝ 194 ක මත්ද්‍රව්‍ය අල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නීතිවිරෝධිව රැගෙන යෑමට උත්සහ කළ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් එකසිය අනූහතරක් (194) වන අතර කංසා, හෙරෝයින් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කීපයක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ විශේෂ වැටලීමකදි බෝට්ටු දෙකක තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිල සුනඛ අංශයේ සහයෝගයද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS