කැනඩා අගමැති හමුවෙලා



කැනඩාවේ කටාර් තානාපති ෆහාද් මොහොමද් යූසුෆ් කෆූද් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ අතර හමුවක් පැවැත්වුණු අතර එහිදී කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු ගල්ෆ් අර්බුදය පමණක් නොව ලබන 2022 වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන පා පන්දු තරගාවලිය ගැන ද සාකච්ඡා පැවැත්විණි.

කටාරය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු ගල්ෆ් අර්බුදය කිසිම විටෙක 2022 ලෝක කුසලාන පා පන්දු තරගාවලියට බාධාවක් නොවන බවට කටාර් තානාපතිවරයා කැනඩා අගමැති ටෘඩෝට සහතිකයක් ලබා දුන්නේය.

සෞදිය, බහරේනය, එක්සක් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව පනවා ඇති සම්බාධක හමුවේ වුව ද කටාර් රාජ්‍යය ලා්ක කුසලාන පා පන්දු තරගාවලිය වෙනුවෙන් ලහිලහියේ සූදානම් වන බව තානාපති ෆහාද් මොහොමද් යූසුෆ් කෆූද් කැනඩා අගමැතිවරයාට පෙන්වා දුන්නේය.

ගල්ෆ් අර්බුදය කඩිනමින් විසඳා ගැනීම අවශ්‍ය බවත්, සාකච්ඡා මාර්ගයෙන් එය විසඳා ගැනීම කළ යුතු බවත් අගමැති ටෘඩෝ මෙම අවස්ථාවේදී අවධාරණය කළේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS