කෆාලා නීතිය බහරේනයෙනුත් ඉවතට



 බහරේනයද කෆාලා නීතිය ඉවත් වන පරිදි නව නීති පද්ධතියක් ගෙන ඒමට සුදානම් වන  බව එරට පුවත් ඒජන්සි සදහන් කරයි. 

මේ අනුව කෆාලා නිතිය අහෝසි කරමින් නව නීති පද්ධතියක් බලාත්මක කළ දෙවැනි ගල්ෆ් රට බවට බහරේනය පත් වනු ඇතැයි විදෙස් පුවත් වෙබ් අඩවි පෙන්වා දෙයි. 

බොහෝ විට 2017 වසරේ අපේ‍්‍රල් මාසයේදී බහරේනය නව නීති පද්ධතියක් හදුබලාත්මක කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි

ගල්ෆ් රටවල විදේශීය ශ‍්‍රමිකයන් වෙත පල පැවැත්වුණු කෆාලා නිති පද්ධතිය මේ වන විට මානව හිමිකම් සංවිධෘනවල ද විවේචනයට ලක්විය. 

මෙම නව නීති මාලාව යටතේ විදෙස් ශ‍්‍රමිකයින් 48000 කට අධික පිරිසක් ආවරණය වන අතර නව නීතිය කි‍්‍රියාවට නංවා වසරක් තුළ දෙවතාවක් එය  සමාලෝචනය කිරීමට බහරේන රජය සුදානම් බවද එරට පුවත් ඒජන්සි පවසයි.  

 

   විනීතා එම් ගමගේ


RECOMMEND POSTS