කලාපයට තර්ජනයක්



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනය මැද පෙරදිග කලාපයට සහ ගෝලීය ප්‍රජාවට තර්ජනයක් යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාද් ෂරීෆ් ඒ බව සඳහන් කළේය.
“අපේ කලාපයේ සහ ජාත්‍යන්තරයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බව සත්‍යයක්. ට්‍රම්ප් පරිපාලනය තමයි එම තර්ජනය. ට්‍රම්ප් පරිපාලනය ලෝකය අස්ථාවර කරනවා. ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ කරගත් ඇමෙරිකාව අපේ කලාපයේදී  මැරයකු ලෙස හැසිරෙනවා. සාහසික අපරාධ කරමින් ඉන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදය සාමාන්‍ය රාජ්‍යයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් විණි.

මේ අතර ඉරානය කිසිදු අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සාකච්ඡාවක් ඉල්ලුවේ නැතැයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක බහ්රම් කසේමි පැවැසීය. මේ සතියේ ආරම්භ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ඉරානය එවැනි ඉල්ලීමක් කළ බව විදෙස් පුවත් සේවයක් උපුටා දක්වමින් අයි.ආර්.එන්.ඒ පුවත් සේවය වාර්තා කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS