කතුන් විකුණන්න හදාලා



එක්සත් අරාබි එම්රේට්ස් හි අල්-නබා දිස්ත්‍රිකයේදි කාන්තාවන් දෙදෙනකු එමිරේට්ස් ඩිරාම් 14,000කට විකිණීමට උත්සහ කළ ආසියාතික පුද්ගලයින් දෙදෙනෙක්එම්රේට්ස් පොලීසිය අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා එමිරේට්ස් අධිකරණයට ඉදිරිපත් කර බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ආසියාතිකයින් දෙදෙනා කාන්තාවන් දෙදෙනාව ආසියාතික ගණුදෙනුකරුවකු ලෙස පෙනි සිටි එමිරේට්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියාට ඩිරාම් 14,000කට විකිණීමට උත්සහ කළ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බව එමිරේට්ස් පොලීසිය ප්‍රකාශ කළේය.

විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි කැඳවීමට ලබන මස දක්වා කල් දමා ඇති අතර සියළුම සාක්ෂි ගොනු කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS