කතුන් 199 දැලේ
ඕමානයේ ගණිකා වෘත්තියේ සහ මිනිස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත් වු කාන්තාවන් 199 දෙනකු විශේෂ මෙහෙයුමකින් ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
පුද්ගලයින් 246 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් බහුතරයක් අසියානු සහ අප්‍රිකානු පුරවැසියන් බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඕමාන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව, අපරාධ පාලන දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, මිනිස් බල අමාත්‍යාංශය සහ පොලිස් ස්ථානකීපයක් මෙහෙයුමට සහභාගී වී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)