කටාර් වැසියන්ගෙන් පැමිණිල්ලක්



මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළුවීමට තමන්ට ඉඩ නොදුන් බවට කටාර් වැසියන් කිහිප දෙනකු කටාර් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කටාර් සමග පැවැති සියලු රාජ්‍ය තාන්ත්‍රීක සබඳතා අත් හැරීමට සෞදි අරාබිය තීරණය කිරීමත් සමඟ මක්කම වන්දනාවේ එන කටාර් වැසියන් සොයා ඔවුන්ට මස්ජිද් අලප් හරාම් මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදුන් බවට අල්ෂාක් පුවත්පත වාර්තා කර තිබිණී.

මෙසේ සෞදි බලධාරින් මක්කම  වන්දනාව තහනම් කිරීම ආගමික කටයුතුවල යෙදීමට ඇති අයිතියඅහිමි කරමින් මානවය හිමිකම් උල්ලංඝණය කිරීමක් යැයි කටාර් හි ජාතිකමානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි මහතා පවසා ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ තුළින් ගල්ෆ් කළාපීය අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇතැයි විඡාරකයින් ද අනතුරු අඟවා තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS