කටාර් බඩු නැව් ඕමානය හරහා යයි



සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් පැනැවූ බාධක මඟහැර ඕමානය හරහා තම භාණ්ඩ ප්‍රවාහන නැව් යාත්‍රා කරවීමට කටාර් රාජ්‍යය පියවර ගෙන ඇත.

කටාර් වරාය අධිකාරිය නිවේදනය කර ඇත්තේ සති 3 කට සැරයක් සෝහාර් වරාය නගරයටත්, සලල්ලා වරාය නගරයටත් තම භාණ්ඩ ප්‍රවාහන නැව් ගමන් කරනු ඇති බවය.

මීට පෙර කටාර් භාණ්ඩ ප්‍රවාහන නැව් යාත්‍රා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහාය. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි කටාරයට චෝදනා කරන රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS