කටාර් ජාතිකයින්ට අනුකම්පාව දැක්වුවොත් වැඩි වරදි



කටාර් ජාතිකයින්ට අනුකම්පාව දක්වන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව සිරගත කිරීමට හෝ දඩ මුදලක් නියම කල හැකි බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය යේ නීතිපති අනතුරු අඟවා ඇති.

එමිර් රාජ්‍යයේ පවතින ෆෙඩරල් නීතිය අනුව වසර15ක් දක්වා වු සිර දඩුවමක් සහ එමිර් ඩිරාම් 500,000 (ඇ.ඩෝ 136,000) කට නොඅඩු දඩයක් නියම කල හැකිය.

වගකීම් විරහිතව ක්‍රියා කරන සහ එමීර් රාජ්‍යයේ ස්ථාවරත්වයට හානි කිරීමට උත්සහ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව උපදේශකයකු වන ආචාර්ය හමාඩ්සයිෆ්අල්ෂැම්සි  Al Bayan පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)
 


RECOMMEND POSTS