කටාර් එමීර් යාඥාවකට එක් වෙයි



කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී අල් වජාබ් වෙත පැමිණ ඊද් අල් අදාහ් යාඥාවකට එක්වුණු බව ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කටාර් එමීර්වරයා, ඔහුගේ නියෝජිතයන් පිරිවරා ගනිමින් මෙසේ දේව යාඥාවට එක් වූයේ සෙසු බැතිමතුන් ද සමඟය.

කටාර් රාජ්‍යය පසුගිය වසරේ මෙන් මෙවරද හජ් උත්සවය සමරන්නේ සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් සහ ඊජිප්තුව පනවා ඇති සම්බාධක මැදය.

කටාර් වැසියන්ට හජ් වන්දනාව සඳහා සෞදියට පැමිණීමය සෞදි බලධාරීන් අවසර ලබා දී ඇති නමුත් කටාර් වැසියන් චෝදනා කරන්නේ සෞදි බලධාරීන්ගෙන් තමන්ට කෙණෙහිලිකම් එල්ල වන බවටය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS