කටාරයේ වේග සීමා



අනතුරු අවම කර ගැනීමේ අරමුණින් කටාර්හි රථ වාහන දෙපාර්තමේන්තුව මාර්ග නීති දැඩි කරමින්, නව වේග සීමා නව වේග සීමාවන් පනවා ඇති අතර ප්‍රධාන මාර්ග වල ස්ථාන කිහිපයක ජංගම රේඩාර් පද්ධති අළුතින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි.

ඒ අනුව, අල් ෂමාල්, ඩුකාන් ෂහානියා, ඕබිටල යන මාර්ගවල පැයට කිලෝමීටර් 120 ක් ද, එයාර්ෆෝස් ස්ටී්‍රට් වීදියේ වේග සීමාව පැයට කිලෝමීටර් 100 ක් ද ලෙස වේග සීමා පනවා ඇත.   

ජංගම කැමරා මඟින් වේග සීමා ඉක්මවා ධාවනය කරන්නන්, දකුණු පසින් ඉස්සර කරන්නන්, ආසන පටි නොපැලඳ රිය පැදවීම හා රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතා කිරීම වැනි මාර්ග නීති උල්ලංඝනය කිරීම් සියල්ලක්ම පටිගත කරන අතරම ඒවා නිරීක්ෂණය කර නීති කඩ කරන්නන්ට දඩ මුදල් හා සිර දඬුවම් හිමිවනු පැනවීමට කටයුතු  කරනු ඇතැයි එම මාධ්‍ය කියයි.

පසුගිය සමයේ මෙවැනි නව නීති හා අපක්‍රම බොහොමයක් කටාර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් අතර වර්තමානය වනවිට එම සැලසුම්වල ප්‍රතිඵල අත්විඳීමට භැකියාව ලැබී තිබෙන බවත්  පසුගිය කාලය තුළ එරට සිදුවූ රිය අනතුරු ප්‍රමාණය යම් තාක් දුරට අවම කර ගැනීමටත් එයින් ජිවිත රැසක් ආරක්ෂා කර ගැනීමටත් හැකිවූ බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS